පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ නිසි පරිදි සිදු වන බවත්, ඊට අදාළ දින වකවානු ප්‍රකාශ කිරීමට මෙම අවස්ථාවේ නොහැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එමෙන්ම මහ මොලකරුවක් එක්කෙනක්ද නැතිනම් කිහිප දෙනෙක්ද යන්න පිළිබඳ තීරණය කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට භාර කරන බවද දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
සෑහීමකට පත්විය හැකි විමර්ශන වල ප්‍රගතියක් පෙන්නුම් කරමින් යනවා. මහ මොලකරු එක්කෙනයිද කිහිප දෙනෙක්ද , ඒක හෙළිදරව් කරන්නේ කවද්ද කියන එක අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරමු. අධිකරණයට භාර කරමු. අනිවාර්ය වශයෙන්ම පරීක්ෂණ නිසි පරිදි සිදු වෙනවා. ඒකට දින වකවානු මේ වෙලාවේ කියන්න බෑ.
ප්රශ්නය - 21 වැනිදාට කලින් ජනාධිපතිවරයා කරන ප්‍රකාශය ගැන රටක් බලාගෙන හිටියා. ඒ කියන්නේ ජනාධිපතිතුමාව නිලධාරීන් නොමග යවනවාද? එහෙම නැතිනම් ජනාධිපතිතුමා රට නොමග යවනවාද? 21 වැනිදා වන විට සැලකිය යුතු ප්‍රකාශයක් කරයි කියලා බලන් හිටියේ.
පිළිතුර - කවුරුත් කලබල වෙන්න එපා. මේ කුමන්ත්‍රණයට නියමින් හෝ අනියමින් සම්බන්ධ අයගේ කලබලයට ආණ්ඩුව කලබල වෙන්නේ නෑ.