පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් නීතිපතිගේ නිර්දේශ මත නිදොස්කොට නිදහස් කිරීම ජනතාව මුලා කිරීමේ නාටකයක් බවත්, ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන නායකයන්ගේ න්‍යාය පත්‍රයට අනුව ගෙන යන මෙම වැඩපිළිවෙල තරයේ හෙළා දකින බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම තත්ත්වයන් තුළ රට තුළ නිදහස හා යුක්තිය ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාකාරී වන මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමිපාණන් සඳහන් කළහ.
අදාල නිවේදනයේ වැඩිදුරටත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙලෙස සඳහන් කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් අය නීතිපතිතුමාගේ නිර්දේශ මත නිදොස්කෝට නිදහස් කරමින් ගෙන යන වැඩපිළිවෙල ජනතාව මුලා කරන නාටකයක් පමණක් වන බව අපගේ හැඟීමයි. නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති කොමිසම මගින් තමන්ට ලබා දී ඇති පැහැදිළි නිර්දේශ ක්‍රියාත්මක නොකර දේශපාලන නායකයන්ගේ න්‍යාය පත්රයනට අනුව වැඩ කරමින් ගෙන යන මෙම වැඩ පිළිවෙල අපි තරයේ හෙළා දකින බව ප්‍රකාශ කරමු.
මේ තත්ත්වය ඇත්තෙන්ම අවාසනාවන්තය. එය නීතිපති දෙපාර්තමේන්තුවේ කීර්තියට හා ස්වාධීනත්වයට නිගාවකි. මේ වනවිට පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ තුල ඇතැමුන් නම් කරනු ලැබ ඇතත්, ඔවුන්ට ඒරෙහිව ක්‍රියාත්මක වන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මැලිවීම අපට කිසිසේත් පිළිගත නොහැකි දෙයකි.
එසේම එම නිර්දේශවලට පදනම් වූ හිටපු ජනාධිපතිතුමාට බාර දෙන්නට යෙදුදු සාක්ෂි වෙළුම් ජනතාවට ලබානොදී සඟවා තබා ගැනීමට හා සත්‍ය වසන් කිරිමට රජයේ බලධාරීන් කටයුතු කිරීම නින්දා සහගත දෙයක් බවද කිව යුතුමය. එය පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය වසන් කිරීමේ කූඨ ප්රයත්නයේ තවත් පැතිකඩකි.
එබැවින් ජනාධිපති කොමිසමේ සාක්ෂි සහිත වෙළුම් විනිවිදභාවය සුරකිමින් ජනතා දැනගැනීම සඳහා වහාම නිදහස් කරන ලෙසත්, ජනාධිපති කොමිසමේ නිර්දේශ, එනම් පුරවැසියන් 272නෙකුගේ ජීවිත විනාශ කළ, 500කට අධික පිරිසකට අධික පිරිසකට තුවාල සිදු කළ, එයින් සමහරුන් සදාකාලයටම ආබාධිතයන් බවට පත් කළ මේ කුරිරැ මිනීමැරැම පිටුපස ඇති බලවේග සාධාරණ හා විනිවිදභාවයෙන් යුතුව සොයා යන්නට අප්‍රමාදව කටයුතු කරන ලෙසත් රජයේ බලධාරීන්ට හා නීතිපති දෙපාර්තමේන්තුවට අපි දැනුම් දී සිටිමු.
රටතුළ ප්රජාතන්ත්රවාදය සුරැකීම උදෙසා විවිධ පීඩාවන්ට ගොදුරැ වෙමින් අරගලයක යෙදෙන ක්‍රියාකාරීන් මෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පතා සිටින, ඔවුන්ගේ ආත්ම ගෞරවය හා නිදහස වෙනුවෙන් මැදිහත්වී, අප රට තුළ මේ තත්ත්ය ඇති කරන්නට කටයුතු කරන නායකයන්, ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ පිළිගෙන ඇති නීති හා ප්රඥප්තීන්ට අනුව කටයුතු කරන්නට දිරිගන්වා, රට තුළ නිදහස හා යුක්තිය ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාකාරී වන මෙන් ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන්ද අපි ඉල්ලා සිටිමු.