ඉන්ධන මිල වැඩිවීම හමුවේ මේ මාසයේ (පෙබරවාරි)සිට පාසල් ළමයි ප්‍රවහන ගාස්තු ඉහළ දැමීමට සිය සංගමය අද(1) පෙරවරුවේදී තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සේවා සංගමය කියයි.
ඒ අනුව කෙටි දුර ධාවනය සදහා ප්‍රවාහන ගාස්තුව සියයට දහයක උපරිමයකින් හා දිගු දුර සියයට පහළවකින් ඉහළ දැමීමට සිය සංගමය අකමැත්තෙන්වුවද තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා කීවේය.
ඒ මහතා එසේ කීවේ ඉන්ධන මිල ඉහල දැමීමෙන් පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අද(1) උදේ අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදීය.