ඩීසල් මිල ඉහළ දැමීම නිසා හෙට (6දා) සිට ප්‍රවාහන ගාස්තු සියයට හතලිහකින් වැඩි කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් පසාද් මහතා අද (5දා) අම්බලන්ගොඩ පැවති මාධය හමුවකදී කීවේය.
එමෙන්ම සිය වාහනවලට ඉන්ධන ලබා ගැනීමට ඇති බාධා හමුවේ හෙට පාසල් ළමයි පවාහනය කිරීම දැඩි අර්බුධකාරී බවද රුවන් මහතා කීවේය. තවදුරටත් කතා කළ රුවන් මහතා මෙසේද කීවේය.
“අපේ වාහන දුවන්න අවශ්‍ය ඩීසල් නැහැ. රට පුරාම මේ වගේ තත්වයක් තියෙන්නේ. එතකොට කොහෝමද අපේ වාහන දුවන්නේ. පාසල් ළමයි හෙට ප්‍රවාහනය කිරීම සිදු කිරීම කරන්න අපහසු වෙනවා.
ඒ වගේම තෙල් ගහන්න පෝලිම්වල ඉදලා නිදි මරාගෙන් තෙල් ගහලා කොහෝමද අපි රස්සාවට යන්නේ. පාසල් ළමයි ප්‍රවාහනය කරන වාහනවලට පෝලිම්වල ඉදලා තෙල් ලීටර් පහක් හයක් ගහගෙන කොහෝමද මේ කර්ය කරන්නේ.
අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ අපේ කර්මාන්තය බාධාවකින් තොරව කරගෙන යාමට අවශය වටපිටාව හදලා දෙන්න කියලා.”

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත