පවතින තත්ත්වය යටතේ කිසිසේත්ම ප්‍රවාහන ගාස්තු නඩු කළ නොහැකි බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (24) උදේ අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
තෙල් මිල සොච්චම් මිලකින් අඩුවුවද පාසල් ළමයි ප්‍රවාහනය කරනු ලබන රථ සඳහා අවශ්‍ය අනෙක් පහසුකම් මිල දැරීමට බැරි තරම් ඉහළ දමා තිබීම සඳහා තමන්ට නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව වැඩි නොකිරීම මෙයට හේතුව බවද මෙහිදී රුවන් මහතා කීය.
කල්බදු පහසුකම් වල පොලිය ඉහළ දමා තිබීම, අමතර කොටස්වල මිල ඉහළ දමා තිබීම, ලිහිසි තෙල් මිළ තාමත් අඩු නොකිරීම මේ සඳහා බලපා ඇති තවත් හේතු කිහිපයක් බවද රුවන් මහතා කීවේය.
එමෙන්ම ලංකාවේ සමහර ප්‍රවාහන සංගම් මාස දොලහේම ගාස්තු අය කරත් සිය සංගමය පමණක් නිවාඩු මාස දෙකේ ගාස්තු අය නොකර මාස දහයක පමණක් ගාස්තු අය කිරීම නිසාද මෙසේ ප්‍රවාහන ගාස්තු අඩු නොකිරීමට සිය සංගමය තීරණය කිරීමට හේතුවක් වූ බව කී රුවන් මහතා ඉන්ධන කෝටාව වැඩි නොකිරීම නිසා පාසල් ළමයි ප්‍රවාහනයෙන් පසුව හා පාසල් නිවඩු දිනවලදී තමන්ට වෙන කුලී ප්‍රවාහනයක් කරගෙන අමතර ආදායමක් ලබා ගැනීමට නොහැකිවීමත් මේ තිරණයට සිය සංගමය පැමිණීමට බලපෑ තවත් හේතුවක් බවද කීවේය.
එබැවින් තමන් පෙන්වූ කරුණු කාරණා සඳහා සහනයක් ලැබෙන තෙක් ප්‍රවාහන ගාස්තු කිසිසේත්ම අඩු කිරීමට සිය සංගමය පියවර නොගන්නා බවද රුවන් මහතා වැඩි දුරටත් කීවේය .
සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ ජාතික සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතාද මේ මාධ්‍ය හමුව අමතා අදහස් දැක්වීය.