ඉන්ධන මිල ඉහළ ගියද පාසල් සිසු ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසුන් ප්‍රවාහන රථ සංගමය අද (1)පෙරවරුවේ අම්බලන්ගොඩදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
ලෝකයේ දැනට පවතින තත්ත්වයත් පාසල් සිසුන්ගේ දෙමාපියන්ගේ ආර්ථික මට්ටමත් සැලකිල්ලට ගනිමින් සිය සංගමය මේ තීරණයට එළඹි බවත් එම සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා කීවේය.
ලබන මාසයේදී ඉන්ධන මිල වැඩිවුවහොත් අනිවාර්යයෙන්ම ගාස්තු අකමැත්තෙන්වුවද වැඩි කිරීමට සිය සංගමයට සිදුවෙන බවද ඒ මහතා කීය.