ඉන්ධන මිළ පහිළ දැමුවද පාසල් සිසු ප්රවාහන ගාස්තු කිසිලෙසකින්වත් අඩු නොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්රවාහන සංගමය අද (1)අම්බලන්ගොඩ පැවති මාධය හමුවකදී එහි සභාපති රුවන් ප්රසාද් මහතා කීවේය.
කෙටි කාලයක් තුළ ඉන්ධන මිල අවස්ථා කිහිපයකදීම ඉහළ දැමූ බවත් ඒ අනුව මෙවැනි සොච්චම් මුදලකින් ඉන්ධන මිල පහළ දැමුවද පාසල් සිසු ප්රවාහන ගාස්තු අඩු කිරීමට නොහැකි බවද මෙහිදී රුවන් මහතා කීවේය.
පාසල් සිසු පවාහන ගාස්තු අඩු කිරීමට නම් ඉන්ධන මිල දැනෙන මිලකින් පහත දැමීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවද රුවන් මහතා කීවේය.