ඉන්ධන මිල ඉහල දැමීම නිසා අකමැත්තෙන්වුවද පාසල් සිසු ප්රවාහන ගාස්තුව සියයට දහයකින් වැඩි කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසු ප්රවාහන සංගමයේ සභාපති රුවන් ප්රසාද් මහතා අද (10)උදේ අම්බලන්ගොඩදී කීවේය.
ඉන්ධන මිල මෙතෙක් කළක් වැඩිවුවත් සිය සංගමය ගාස්තුව ඉහළ නොදැම්මද මෙවර එය කළ නොහැක්කක් බවද ඔහු අවධාරණය කළේය.
වෙනදා මාසයක් ආරම්භයේදී එනම් සෑම මාසයකම පළමු වැනිදා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කළද මෙවර එය මාසයේ දහවැනිදා සිදු කර ඇති බවත් වෙනදා ඉන්ධන මිල වැඩිවුවද එය මේසා ඉහළ මිලකින් වැඩි නොවූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.