පාසල් සිසුවෙකුගේ කන පැලූ තවත් පාසල් සිසුවෙක් අල්ලයි
13 හැවිරිදි පාසල් සිසුවෙකුගේ කණ් අඩිය පැලී යන ලෙස පහරක් එල්ල කළ 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය, අක්කර 20 පෙදෙසෙහි පදිංචි සිසුවෙකු වන අතර, පහරකෑමට ලක්ව ඇත්තේ ඉංගිරිය රෝහලට ආසන්නව පදිංචි සිසුවෙකි.
සිද්ධියට අනුව, අට වන ශ්‍රේණියෙහි සිසුන් දෙදෙනෙකු අතර සුළු බහින්බස්වීමක් සිදුව ඇති අතර, ඉන් එක් සිසුවෙකු විසින් ඒ පිළිබඳ විස්තර නමවන ශ්‍රේණියෙහි ඔහුගේ මිතුරු තවත් සිසුවෙකු සමඟ පවසා ඇත. පසුව නමවන ශ්‍රේණියෙහි සිසුවා විසින් සිද්ධිය තමාට පැවසූ ශිෂ්‍යයා සමඟ බහින්බස්වීම සිදුවූ අනෙක් සිසුවාගේ කණ හරහා පහරක් එල්ලකර ඇති බවත්, පහරකෑ සිසුවා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන ඇති බවත්, පහරකෑමට ලක්වූ සිසුවාගේ නිවසෙහි සාමාජිකයින් රෝග තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක්ද රැගෙන ඉංගිරිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් ගොනුකළ බවත් පොලිසිය පවසයි.
පසුව ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.එන්.ඩී.කොල්ලුරේ මහතාගේ මෙහෙයවීමෙන් පහරදුන් සිසුවා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉංගිරිය - නිමාලි කහවල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

