පාසල් සිසුවියකට අසභ්‍ය චිත්‍රපට පෙන්වා අතවර කිරිමට තැත්කල විද්‍යා ගුරුවරයා රිමාන්ඩ්
තලවකැලේ නගරයේ ප්‍රධාන පාසලක 13 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා එම පාසල් සිසුවියට අතවර කිරිමට තැත්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම පාසලේ විද්‍යා ගුරුවරයා (28) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු ලබන මස (06) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කලහ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි එම විදුහලේම විද්‍යා ගුරුවරයෙකු වශයෙන් සේවය කල අයෙකි.
සැකකරු විසින් පාසල් සිසුවියට විද්‍යාගාරයට පැමිනෙන ලෙස දැනුම් දි සිසුවිය විද්‍යාගාරයට පැමිණීමෙන් අනතුරුව ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශන සිසුවියට පෙන්වීමෙන් පසු සිසුවිය විද්‍යාගාරයෙන් පැන යාමට උත්සහ කිරිමේදි සැකකරු විසින් එම සිසුවියව අතෙන් අල්ලාගෙන අතවර කිරිමට තැත්කල බවත්, පසුව එම ගුරුවරයාගෙන් මිදි පලා ආ සිසුවිය ඒ පිලිබදව සිසුවිය සිය දෙමව්පියන් දැනුවත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවිය දෙමව්පියන් සමග පැමිණ තලවකැලේ පොලිසිය වෙත පැමිණිලි කිරිමෙන් පසු තලවකැලේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විවාහක පුද්ගලයෙකු බවත්, දැනට බිරිදගෙන් නිත්‍යානුකූලව වෙන්වී සිටින අයෙකු බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

