අහුන්ගල්ල, ඌරගහ මහා මාර්ගයේ අහුන්ගල්ලේදී ඊයේ(15)පස්වරුවේදී පාසල් සිසුවෙකු පැදවූ යතුරු පැදියක ගැටී පුද්ගලයකු මිය ගිය බව අහුන්ගල්ල පොලීසිය කියයි.මෙසේ මිය ගොස් ඇත්තේ අහුන්ගල්ල ප්ර දේශයේම පදිංචි පනස්අට හැවිරිදි අයෙක් බවද පොලීය කියයි.
රිය අනතුර සිදුකළ පාසල් සිසුවා ඊයේ (15) පස්වරුවේම අත් අඩංගුවට ගත් බවත් ඔහු අද(16)බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.
දාහත් හැවිරිදි සැකකාර පාසල් සිසුවා බලපිටියේ ප්රධාන පාසලක උසස් පෙළ කරන අයෙකු බවත් ඔහුට රිය පැදවීමට ඇත්තේ තාවකාලික බලපතයක් බවත් පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා පාර හරහා මාරුවීමට ගිය අවස්ථාවේදී ඌරගහ අන්තයේ සිට අහුන්ගල්ල දෙසට පැමිණි යතුරු පැදියේ ගැටී මේ අනතුර සිදුව ඇති බවද පොලීසිය කියයි.