කොස්ලන්ද නගරයේ සිට මකල්දෙණිය ගම්මානයට ධාවනය වෙමින් තිබූ කුලී ගමන් යන ත්‍රීවීල් රථයක් (07) වෙනිදා දහවල් පොලීසිය මඟින් පරීක්ෂා කිරීමේදී නියමිත් ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යමින් සිටි ත්‍රීවීල් රථයක් රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ත්‍රීවීල් රථයේ 08,09 සහ 10 ශ්‍රේණි වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකොළොස් දෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයින් තිදෙනෙකු සිට ඇත.මෙම සිසු සිසුවියන් පාසල් නිම වීමෙන් පසු නිවෙස් වලට රැගෙන යමින් සිටියදී මෙලෙස පොලීසිය භාරයට ගෙන තිබේ.
කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර පසුව නඩු පැවරීමට කටයුතු යොදා ඇත. එතෙක් ත්‍රීවීල් රථයේ ලියකියවිලි සහ රියදුරුගේ හැඳුනුම්පත පොලීසිය භාරයට ගෙන තිබේ. කොස්ලන්ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක

