පාසල් සිසුන් දෙදෙනෙක් දුම්රියට බිලි
උතුරු දුම්රිය මාර්ගයේ යාපනය හන්දිය ප්රදේශයේදී, අද (27දා) උදෑසන දුම්රියක ගැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සමගිපුර, මාතලේ හංදිය, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි සුපුන් චින්තක ( 17) නැමැති පිරිමි දරුවකු හා මාතර ප්රදේශයේ පදිංචිව සිට පැමිණ, තාවකාලිකව මාතලේ හංදිය සමගිපුර ප්රදේශයේ සිය මිත්තණියගේ නිවසේ පදිංචිව සිටි ,එන් මධාරා (14) නැමැති ගැහැණු දරුවෙකු බව පොලිසිය පවසයි.
උදෑසන 05.20 ට පමණ අනුරාධපුර සිට මැදවච්චිය බලා ධාවනය වූ මැදිරි තුනකින් සමන්විත මන්දගාමී දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇත.
පිරිමි දරුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගැහැණු දරුවා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දුම්රිය ගැටුණේද, නැතිනම් සිය දිවි හානි කර ගැනීමක් ද යන්න පිළිබඳව සොයා බැලීමට අනුරාධපුර මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
අනුරාධපුර චතුරංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
