පාසල් සිසුන්ගේ මුදල් සහ වෙනත් වටිනා ද්‍රව්‍ය පැහැරගන්නා කණ්ඩායමක් මහනුවර නගරයේ ක්‍රියාත්මක බව දෙමව්පියෝ පවසති .
මේ සම්බන්ධයෙන් දෙමව්පියන් පිරිසක් මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කොට ඇති අතර තවත් දෙමව්පියන් පිරිසක් තම දරුවන්ටත්යම් කරදරයක් වේයැයි බියෙන්පොලිසියට පැමිණිලි කිරීමෙන් වැළකී සිටින බවද වාර්තා වේ .
තමන් සිවිල් පොලිස් නිලධාරීන් බව පවසමින් සිසුන්ගේ පොත් බෑග් සහ මුදල් පසුම්බි පරීක්ෂාකොට එහි ඇති මුදල් සහ වටිනා ද්රව්යගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව කිසිවකුටත් පැමිණිලි නොකරන ලෙස තර්ජනය කර පලා යන බව දෙමව්පියන් පවසයි .
මේ අතර මහනුවර නගරයට පැමිණෙන කාන්තාවන්ගෙන් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය යැයි පවසා ඔවුන්ගේ ජංගම දුරකතන ඉල්ලාගෙන පලා යන පිරිසක් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී තිබේ .
මහනුවර වැව රවුමේ සහ උඩුවත්ත කැලේ ප්‍රදේශවලදී පෙම්වතුන් බියගන්වා ඔවුන් සතු මුදල් කොල්ල කන පිරිසක් සම්බන්ධයෙන්ද කරුණු අනාවරණය වෙමින් පවතී .
ෂේන් සෙනෙවිරත්න