පාසල් විවෘත කිරිම පිළිබඳ තිරණය ලබන සතියේ - අදියර කිහිපයකින් ආරම්භ කිරිමට පියවර
රජයේ පාසල් විවෘත කිරිම එලඹෙන සඳුදා (11) දිනයේදි සිදු කිරිමට නියමිතව තිබුණත් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව නිශ්චිත දිනයක් එළඹෙන සතියේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
එම තින්දුව සියයට සියයක්ම රජයේ තිරණයක් නොවන බවත් එමෙන්ම ඩලස්ගේ අදහසකුත් නොවන බවත් ඒය රජයේ වෛද්‍ය අංශයේ තිරණයක් මත ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම පාසල් විවෘත කිරිම අදියර කිහිපයක් යටතේ සිදු කරන බවත් මුලින්ම පාසල් වල ගුරුවරුන් , විදුහල්පතිවරුත් පසුව උසස් පෙළ සිසුන් ,සාමාන්‍ය පෙළ සිසුන් ඉන් අනතුරුව ප්‍රාථමික සිසුන් වශයෙන් අදියර කිහිපයකින් ආරම්භ කිරිමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පාසල් පටන් ගැනිමට ප්‍රථම පළාත් මට්ටමින් සියලු පාසල් පුර්ණ විෂබිජහරණයකට ලක් කෙරෙන බවත් ඉන් අනතුරුව සතියක පමණ කාලයකින් පසුව පාසල් නැවත විවෘත කිරිමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Nimuthu Tuesday, 26 October 2021 06:38 AM
6-13 වසර අරබන්නෙ කවදාද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

