පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහන අද (15) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වෙයි.
මේ යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සහ එක් වරක් පමණක් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට එන්නත ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ඒල්.ඒම්.ඩි ධර්මසේන මහතා පවසා සිටියි.
එන්නත්කරණය සඳහා 44,500 කට ආසන්න සිසුන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇති අතර සිසුන් සඳහා ලබාදෙනු ලබන්නේ ෆයිසර් එන්නතයි.