පාසල් අධ්‍යාපනය කඩා වැටීමේ බරපතල අවධානමක්
පාසල් පද්ධතිය තුළ 45000 ක ගුරු හිගයක් තිබේ දී එම ගුරු පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශයට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්රය බරපතළ ලෙස කඩා වැටීමේ අවදානමක් උද්ගතව ඇති බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමයේ ලේකම් සවනතිලක ගජධීර මහතා පවසයි .
මහනුවරදී අද (22) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ 2018 සහ 2019 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිට ගුරු විද්‍යාල වලට ඇතුළු වීමේ අපේක්ෂාවෙන් සිටි සිසුන් වසර පහකට ආසන්න කාලයක් තිස්සේ නිවෙස් වලට වී සිටින බවය .
පසුගිය කොවිඩ් සමයේ දී ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ගුරු විද්‍යාපීඨ රැසක් යොදාගත් බවත් ඒවාහි මෙට්ට කොට්ට ඇතුළු භාණ්ඩ භාවිතයෙන් පසු විනාශ කිරීම හේතුවෙන් ඒවාහි භෞතික සම්පත් රැසක් මේ වනවිට අහිමිව තිබෙන බවද ගජධීර මහතා පැවසීය .
ගුරු අධ්‍යාපනඥයන් ලෙස සේවයට එක් වන්නේ ගුරු සේවයෙත් විදුහල්පති සේවයයෙත් ගුරු උපදේශක සේවයෙත් කටයුතු කිරීමෙන් පසුව බවත් එසේ නමුත් මේ වන විට ගුරු අධ්‍යාපනඥයන්ට ගෙවන වැටුප ගුරුවරුන්ටත් වඩා පහළ මට්ටමක තිබෙන බවත් පැවසූ ඒ මහතා මෙම වැරැද්ද නිවැරදි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකළහොත් ගුරු විද්‍යාලවල අධ්‍යාපනය ලබන දෙවන වසරේ සිසුන්ට අධ්‍යාපනය ලබාදීමේ කටයුතු වලින් ඉවත් වන්නේ යැයිද පැවසීය .
ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා පුද්ගලයන් එක් වේලකට වියදම් කරන මුදලින් ගුරු සිසුන්ට මාසයක් ආහාර ගැනීමට සිදුව තිබෙන බවත් එ් හේතුවෙන් ගුරු සිසුන්ට කෑම කනවා වෙනුවට ලෙව කෑමට සිදුව තිබෙන බව ද ගජධීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය .
මෙම අවස්ථාවට සංගමයේ විධායක සභික හිරෝෂන් වාසලමුදලි සහ භාණ්ඩාගාරික රංජිත් පල්ලේවල යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය .
popular news
-
WMS bandara Thursday, 24 August 2023 09:38 AM
Adu sewakalayakin vissrama giya guruwaru Inna eyala sewayata badawa ganna ikamanin lamunta sewaya labenawa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
