පාසල් අතර ක්‍රිකට් තරග ගැන පොලීසියෙන් නිවේදනයක්
පාසල් දෙකක් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගවලදී විනයක් සහිතව එය පවත්වාගෙන යෑමට විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය හා ආදිශිෂ්‍ය සංගම් එකබද්ධ වී පොලීසිය සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අදාළ ක්‍රිකට් තරග සඳහා පොලීසිය ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවත් ජය පැරදුම් සම්බන්ධයෙන් පාසල් දෙකේ සිසුන් අතර සිදුවන යම් යම් සිදුවීම් එකවර පාලනය කර ගැනීමට පොලිසියට හැකියාවක් නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
පසුගිය 30 වැනි දින පයාගල ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පාසල් දෙකක් අතර පැවති ක්‍රිකට් තරගයකින් පසුව පාසල් දෙකේ සිසුන් අතර ගැටුමක් සිදුවී තිබෙන බවත් මෙම අවස්ථාවේදී සිසුන් පිරිසක් තම දරුවාට පහර දී තිබෙන බවට මවක විසින් ඊයේ(02දා) පයාගල පොලීසියට පැමිණිලි කර තිබෙන බවත් පවසා සිටියේය.
පහර කෑමට ලක් වූ සිසුවා මුලින් නාගොඩ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. පහර දීම සිදුකළ සිසුන් හඳුනාගෙන තිබෙන බවට අදාළ සිසුවා හා මව විසින් ප්‍රකාශ කර තිබෙන බවත් මේ පිලිබඳව පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් අදාළ සිදුවීමේදී පයාගල පොලීසියේ දුෂණමර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා තිබෙන බවට ප්‍රචාරයක් දියත් වුවත් එය අසත්‍ය ප්‍රචාරයක් බවත් පවසා සිටියේය.
පාසල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගවලදී පසුගිය කාලයේ අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙන බවද මේ නිසා පාසල් අතර ක්‍රිකට් තරග සංවිධානය කිරීමේදී පාසල් අතර සුහදතාව ඇති කර ගැනීම සඳහා එම පාසල්වල විදුහල්පතිවරුන්, ආචාර්ය මණඩලය හා ආදිශිෂ්‍ය සංගම් පොලීසිය සමග සාකච්ඡා කර යම් වැඩපිළිවෙළක් සකස් කර ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.
popular news
-
Nandana Wednesday, 03 May 2023 08:46 AM
Pasal kriket tharaga sandaha ‘Satana’ kiyana wachnaya sampurnayen ain karanna Pasal lamun akalpamaya adahas athibawin Nil maha satana, Dam nil satana vani awegaya upadawana wachan dameema sudusu nathi bawa mage hageemai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

