පේරාදෙණිය පොලිස් වසමේ ගැටඹේ පාලම අසල මහවැලි නදියේ සැක කටයුතු ආකාරයෙන් මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි.
මියගිය කාන්තාව නිශ්ශංක මුදියාන්සේලාගේ සුමනාවතී (52) නැමැත්තියක බවත් ඇය දෙල්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු අවිවාහක කාන්තාවක බවටද හඳුනාගෙන තිබේ.
15 දා රාත්රී 11ට පමණ ගැටඹේ පාලම අසල පාමුර සංචාරයේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පාලම මත තිබූ කාන්තාවකගේ අත්භෑගයක් හමුවී එය පොලිසියට ගෙන විත් භාරදී තිබූ අතර අද දින (16)පෙරවරුවේ කාන්තාවකගේ මළ සිරුරක් පාලම අසල ඇති බව පොලිසියට වාර්තා වීමෙන් පසු සිදුකළ විමර්ශනයේදී එම අත් බෑගය එම කාන්තාවගේ බවට කරුණු අනාවරණය වී තිබේ.
මියගිය කාන්තාව පාලම මතින් මහවැලි ගඟට පැන නොමැති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඇයගේ මළ සිරුර එම ස්ථානයට පැමිණි ආකාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුකරමින් පවතී.
ෂේන් සෙනෙවිරත්න