කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තලවිල ගොවි ගම්මානයේ අතුරු මාවතක් සෑදීමට මීට සය මසකට පමණ පෙර බා තිබූ කොන්ක්‍රීට් ගල්,යළිත් පටවාගෙන ගොස්,එම මාවතේම පෞද්ගලික නිවසක ඉදිකිරීම් කටයුතු සදහා යොදා ඇතැයි එම ගම්වාසී ජනතාව සිය බළවත් විරෝධය පල කර සිටිති.
වැලි සහ බොරලු මතුවීමෙන් අබලන්ව පවතින මෙම මාර්ගය කොන්ක්‍රීට් කරන බව පවසමින්,කල්පිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා විසින් මෙම කොන්ක්‍රීට් ගල් තොගය බා ඇත.පසුව යන්ත්‍රයක් යොදා අදාල මාර්ගය කපා දමා ඇත්තේ කොන්ක්‍රීට් දැමීමේ පහසුව පිණිස බව පවසමිනි.
මෙම මාවත ගොවි බිම් රැසක ප්‍රවේශ මාර්ගයක් වන අතර කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ අස්වැන්න ප්‍රවාහනයට මෙම මාවත යොදා ගන්නා බැව් ගම්වාසීන් පවසයි.
අප මේ පිළිබදව කල්පිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති විජිත ප්‍රනාන්දු මහතාගෙන් විමසූවෙමු.ඒ මහතා පැවසුවේ එම ගල් තොගය තමා විසින් බාන ලද නිසා එය ඉවත් කර ගැනීමටත් තමාට අයිතියක් ඇති බවය.එම ගල් තොගය සඳහා රජයෙන් මුදල් නොලැබුණු නිසා තමා එම ගල් විකුණා දැමූ බවය.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි

