යාපනය කොඩිකාමම් පේදුරුතුඩුව ප්රධාන මාර්ගයේ මාක්කිරායි ප්රදේශයේදී අද (12) උදෑසන සිදුවූ අනතුරකින් මාර්ගයක වී වේලමින් සිටි ගොවියෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩ පොලීසිය පවසයි.
මහකන්නයේ වී අස්වැන්න නෙලීමෙන් පසුව නෙලාගත් වී අස්වැන්න වේලීම සඳහා මාක්කිරායි ප්රදේශයේ පිහිටි ප්රධාන මාර්ගයට දමා වී වෙලමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි අනාවරනය වෙයි.
පලෙයි සිට පේදුරතුඩුව දෙසට ධාවනය වී ඇති යතුරුපැදියක වී වේලමින් සිටි ගොවියා ගැටී ඇති අතර ඒහිදී බරපතල තත්වයේ සිටි ගොවියා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
උදෑසන කාලයේ පැවති මීදුම් තත්වය හේතුවෙන් යතුරුපැදිකරුට ගොවියා නොපෙනීමෙන් මෙම අනතුර සිවන්නට ඇතැයි සැකපල කරන බවටද මළසිරුර පේදුරුතුව රෝහලේ තැන්පත් කොට පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතරුව ඥාතීන්ට භාරදීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂන සිදුකරන පොලීසිය පැවසීය.
අනතුරින් පසු පරික්ෂණ සිදුකල පේදුරුතුඩුව පොලීසිය විසින් යතුරුපැදිකරු අත්අඩංගුවට ගනු ලැබූ අතර අනතුරින් මිය ගොස් ඇත්තේ මාක්කිරායි ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි ගොවියෙකු බවටද අනාවරනය වන අතර පේදුරුතුඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
