කතරගම - බුත්තල මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට වන අලින්ගෙන් සිදුවන හානි වැලැක්වීමට සහ එම වන අලි පලවා හැරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ජංගම රථ යෙදවූ බව අමාත්‍යාංශය පවසයි.
මෙම මාර්ගයේ වාහන වලින් ගමන් කරන සමහර අය වන අලින්ට ආහාර ලබාදීම නිසා එම අලි මාර්ගයේ රැඳී සිට වාහන වලින් ආහාර ලබාගැනීමට පුරුදු වී සිටී.
එම නිසා කතරගම - බුත්තල මාර්ගයේ පමණක් නොව උඩවලව, හබරණ ආදී වෙනත් ස්ථානවලදී ද වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින් සහ හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පියවර ගන්නා ලෙස වනජීවී නිලධාරීන්ට උපදෙස් දී ඇති බව වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.