මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය (සෙංකඩගල මැණිකේ) අද (16දා) උදෑසන කඩිගමුව රඹුක්කන දුම්රිය ස්ථානය අසල පීලි පැනීම්ට ලක්ව ඇතැයි දුම්රිය ආරංචිමාර්ග පවසයි
එහෙයින් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට යලිත් බාධා මතු වී ඇති අතර අංක 766 M9 වර්ගයේ දුම්රිය එන්ජිමක් වන මෙහි රෝද දෙකක් පමණක් පීලි පැනීමට ලක්වී ඇත.
මීට ඉහත ඉන්ධන ප්රවාහනය කළ දුම්රිය පීලි පැනීමට ලක්වූ ස්ථානයේම මෙම එන්ජිම පිලි පැන ඇතැයි දුම්රිය ආරංචි මාර්ග පවසයි.
රේඛා තරංගනී ෆොන්සේකා