ඇමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීම දිගටම සිදුකරන බැවින්, විදුලි පරිභෝජනය "පාලනය" කරන ලෙස ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ජනතාවගෙන් ඉල්ලා තිබේ.
"සතුරන් අපගේ යටිතල පහසුකම් විනාශ කරමින් අපව වටලමින් සිටිනවා. එමඟින් මිනිසුන් අතෘප්තියට පත්ව සිටිනවා. පහන් 10ක් වෙනුවට, නිවසේ විදුලි පහන් දෙකක් දල්වා තැබිය යුතුය; එහි ඇති වරද කුමක්ද?" යැයි ඔහු පවසයි.
ඉරාන බලශක්ති සමාගමක් වන තවනීර් හි ප්රධාන විධායක නිලධාරියා ඉරාන වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ භාවිතය නිරීක්ෂණය කර ඕනෑම අනවසර පරිභෝජනයක් වාර්තා කරන ලෙසයි.