පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්රික් විමර්ශන ඒකකය මගින් පසුගිය ජනවාරි මාසය තුල , පාරිභෝගිකයින් මුලාවට ලක්කරමින් වෙළඳාම් කළ වෙළඳසල් 122 කට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගනු ලැබූ බව විමර්ශන ඒකකය පවසයි.
භාණ්ඩවල මිල ප්රදර්ශනය නොකිරීම, මිල ගණන් වෙනස් කරමින් අලෙවි කිරීම, නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම, ප්රමිති ලාංඡනය නොමැතිව අලෙවි කිරීම, විදුලි භාණ්ඩ සදහා වගකීම් කාලයක් ලබා නොදීම, කල් ඉකුත්වූ දෑ අලෙවිය පිනිස තැබීම, භාණ්ඩ සගවා තැබීම, ආනයනය කළ සහ නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය සදහන් නොවූ භාණ්ඩ අලෙවිය, ප්රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කිරීම ඇතුලු වැරදි සම්බන්ධයෙන් 2003 පාරිභෝගික සේවා පනත යටතේ වන ප්රතිපාලන අනුව වැටලීම් සිදු කෙරෙන බව ගම්පහ විමර්ශන ඒකක ප්රධානී රංජිත් වීරවර්ධන මහතා පැවැසීය.
මේ අතර පසුගිය 2022 වසරේදී වැටලීම් 858 ක් සිදු කරමින් නීතියේ රැහැනට හසුවූ වෙළඳුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනුව රුපියල් එක් කෝටි දාහතර ලක්ෂ අනූපන් දහසක මුදලක් දඩ වශයෙන් නියම කළ බවත් පසුගිය ජනවාරි මාසයේදී රුපියල් ලක්ෂ විස්සක් දඩ නියම කොට ඇත.
ගම්පහ- තිලකරත්න දිසානායක