පාර්ලිමේන්තුවේ ගෞරවය සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමට දක්වන උනන්දුව ක්‍රමානුකුලව සෝදාපාලුවට ලක් වී ඇති බැවින්, පවතින සම්ප්‍රදායන් කාලෝචිත නොවන්නේ නම් සාකච්ඡා කර, ඒවා කාලෝචිත කරගත යුතු බව, පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.
වසර 75 ක් පැරණි යම් යම් සම්ප්‍රදායන් සහ රීතීන්, අඛණ්ඩව භාවිත කළ යුතුද නැද්ද යන්න තරුණ පරම්පරාව තුළ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ජනතා අපේක්ෂා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වගකීම් ඉටු කිරීමට ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට යන දෙපාර්ශවයට ම වගකීමක් පවතින බවද සභානායකවරයා අවධාරණය කළේය. යම් අයෙක් සිටගෙන සිටියාට, බාධක මැදින් ගංඟාව ගලා බැසීම නොනවතින බවද ඔහු පැවසීය.