පාර්ලිමේන්තු සතියට කටයුතු තීරණය කෙරේ
ජූලි 21 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 2026.07.10 දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.
ඒ අනුව, ජූලි 21 අගහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 2.30 දක්වා කාලය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ තීරණ දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට තීරණය වී ඇත.
විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022.05.01 සිට 2023.09.15 දක්වා ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025.10.24 වන දින සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වාර්තාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 ප්‍රකාරව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කිරීමට අදාළ තීරණය මෙසේ අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය.
තවද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කාරක සභා රැස්වීම්වලදී සිදු කරන ලද විමර්ශනවලට අදාළව සභාගත කරන ලද වාර්තා මගින් හඳුනාගත් සිද්ධි පිළිබඳව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 ප්‍රකාරව නිසි පියවර ගැනීම සඳහා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට ගත් තීරණය ද මෙසේ අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත. (මෙම තීරණ දෙක 2026.07.10 දිනැති අංක 164 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක *87 සහ *88 වශයෙන් ඇතුළත් කර ඇත.)
අනතුරුව ප.ව 2.30 සිට ප.ව 5.30 දක්වා දසවැනි පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ වැඩ කටයුතු සහ කාර්ය සාධනය පිළිබඳව කාරක සභා සභාපතිවරයා විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.
ජූලි 22 බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
ඉන්පසු පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පනහක් සඳහා වෙන් කිරීමට තීරණය කර ඇති අතර ප.ව 4.30 සිට ප.ව 5.00 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.
ජූලි 23 බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
ඉන්පසු පෙ.ව 11.30 සිට ප.ව 2.30 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2493/03 සහ 2493/39 දරන අති විශේෂ ගැසට්පත්‍රවල පළ කරන ලද රෙගුලාසි දෙකක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ. අනතුරුව ප.ව 2.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට ද තීරණය වී ඇත.
ජූලි 24 සිකුරාදා පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
