පාර්ලිමේන්තු වාර්තාකරණය සඳහා පැමිණි මාධ්‍යෙව්දීන් දෙදෙනෙකුට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රුස්වීමෙන් අනතුරුව අද (17දා) පෙරවරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින්පහරදීමට උත්සහ කර ඇති බව වාර්ථා වේ.
අදාල රුස්වීම පැවති කමිටු කාමරයෙන් පිටතදී මාධ්‍යවේදීන් දෙදෙනා විඩීයෝ දර්ශන ලබා ගනිමින් සිටියදී මෙලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඊට බාධා කිරීමට කටයුතු කර ඇත.
එලෙස බැනවදිමින් පහරදීමට උත්සහ කර තිබෙනුයේ ස්වර්ණවාහිණී මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී, පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරා සහ සිරස මාධ්‍ය ආයතනයේ කසුන් සමරවීර යන මාධ්‍යවේදීන් දෙදෙනාටයි.
මේ අතර ඔවුන්ගේ ඡංගම දුරකථන ඉන්දික අනුරැද්ධ සහ ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් එම අවස්ථාවේ මන්ත්‍රීවරුන්ගේ භාරයට ගෙන ඇති අතර, පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අසලට පැමිණ ඔහුට එම දුරකථන ලබා දීමට මන්ත්‍රීවරුන් දෙදෙනා කටයුතු කළහ.
ජනමාධ්යවේදීවට තමන්ට රිසිසේ ප්‍රජාතන්ත්‍රවාදීව වාර්ථාකරණය කිරීමේ පරිසරය නිර්මාණය කර දෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සභානායක දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මහත්වරැන්ගෙන් ඉල්ලා සිටින බවත්, එමෙන්ම එම දුරකථන මාධ්‍යවේදීන් දෙදෙනාට ලබා දීමට කටයුතු කරන ලෙසත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේය.
එම සිදුවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරැන් මෙලෙස අදහස් පළ කළහ.