ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ඊයේ (සැප්තැම්බර් 24 වැනිදා) පාර්ලිමේන්තු මුළුතැන් ගෙය නිරීක්ෂණය කළේය. මෙම අවස්ථාවේ දී, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මුළුතැන් ගෙය තුළ මීයන් ගැවසෙන බවත් අපිරිසිඳු තත්වයේ පවතින බවත් කළ චෝදනා සම්බන්ධයෙන් කිසිදු සාධකයක් නොතිබූ බව තහවුරු විය.
ගබඩා කාමර වීදුරු සහ දැල් යොදා සකස් කර ඇති අතර, කාර්ය මණ්ඩලය මුළුතැන් ගෙය තුළ පිරිසිදුභාවය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන අතරම වසර 35 ක කාලයක් පුරා පාර්ලිමේන්තු මුළුතැන්ගෙය සපයන ආහාර සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොතිබූ බවද මන්ත්‍රීවරයා විසින් අවධාරණය කළේය. එබැවින් කථානායකවරයාගේ මෙම ප්‍රකාශය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ගෞරවය හා අභිමානයට හානි කරන ක්‍රියාවක් බව ද මන්ත්‍රීවරයාගේ අදහසයි.
මේ අනුව, කථානායකවරයා විසින් සිදුකළ අසත්‍ය චෝදනා හේතුවෙන් අපහසුතාවයට පත් වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත් ඔවුන්ගේ පවුල් සාමාජිකයන්ටත් මන්ත්‍රීවරයා තම කණගාටුව ද පළ කළේය. නායකත්වය ලබා දිය යුත්තේ මෙවැනි ප්‍රකාශ කිරීමට නොව, කාර්ය මණ්ඩලය උනන්දු කර සහය දැක්වීමට යන්න බවද එහිදී ප්‍රකාශ කළේය.
ෙඑසේම, මන්ත්‍රීවරයා මුළුතැන් ගෙය අදටත් මුහුණ දී සිටින දැවැන්ත පහසුකම් හිඟය ද අවධානයට ගත ගත්තේය. දැනට පවතින උඳුන් 7න් 6ක් අක්‍රීය තත්ත්වයේ පවතින අතර, උපකරණ බොහොමයක් අබලන්ව පවතී. එසේම හැඳි වැනි අවශ්‍ය උපකරණවල හිඟයක්, ශීතාගාරය අලුත්වැඩියා කළ යුතු තත්ත්වයක පවතින බවත්, පිටාර පංකා (Exhaust Fans) අක්‍රිය වී තිබීම සහ නාන කාමර ද අබලන් තත්ත්වයේ පවතින බවත් මන්ත්‍රීවරයාට නිරීක්ෂණ විය.ෙ
මෙම වසර තුළ කිසිඳු අලුත් පහසුකම් ලබා නොදී ඇති පසුබිමක අඩුපාඩු සහ දැඩි අපහසුතා මධ්‍යයේ කාර්ය මණ්ඩලය විසින් තම කාර්යයන් ඉටු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඒ අනුව මෙම ගැටළු කඩිනමින් විසඳා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය තවත් අපහසුතාවයට ලක් නොවන පරිදි කටයුතු කිරීමට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය. ඔවුන්ගේ කැපවූ සේවය පිළිබඳව තම ස්තුතිය ද ප්‍රකාශ කළේය.

