පාර්ලිමේන්තු මන්ත්රී විශ්රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් මගින් ප්රකාශයට පත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය අනුව, 1977 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ්රාම වැටුප් පනත, 1982 අංක 01 දරණ පනතේ 09 වන වගන්තිය හෝ 1990 අංක 47 දරණ පනතේ 09 වන වගන්තිය අනුව විශ්රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති හෝ දැනට විශ්රාම වැටුපක් ලබන පුද්ගලයින්ට, මෙම නව පනත ක්රියාත්මක වන දින සිට එම විශ්රාම වැටුප් ගෙවීම් නතර විය යුතු බව සඳහන් වේ.
මෙම නව පනත ක්රියාත්මක වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හිමිව තිබූ විශ්රාම වැටුප් ක්රමය සම්පූර්ණයෙන්ම අහෝසි වනු ඇත.