කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර ( දයාබර මංජු) හොරණ අඟුරුවාතොට,දොඹගොඩ හමුදා කදවුර මංසන්ධියේ පිහිටි නිවසකට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පලා ගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය සඳහන් කරයි.
ඊයේ (7දා) රාත්‍රියේ එම නිවසේ හිමිකරුගේ මවගේ තෙමස් පූර්ණ පිංකමට පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා (දයාබර මංජු) ටද ආරාධනා ලැබී ඇති අතර එම මහතා රාත්‍රී 11ට පමණ එම පිංකම සඳහා සහභාගි වී ඇත .
පසුව එම ස්ථානයේ සිටි පිරිසක් සමග මන්ත්‍රීවරයා බහින්බස් වීමක් සිදුව ඇති අතර පසුව එය සමථයකට පත්ව මන්ත්‍රීවරයා පිටත්ව ගොස් ඇති අතර නැවත පැය කාලකට පමණ පසු අලුයම තුනයි පනහට පමණ නැවත පැමිණි මන්ත්‍රීවරයා තමා පැමිණි රථයේ සිටම නිවස දෙසට සහ අහසට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර හොරණ දෙසට පලා ගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.
මෙම ස්ථානයේ වැටී තිබී හිස් උණ්ඩ කොපු දෙකක් පොලිසිය මඟින් සොයාගෙන ඇත.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් අගුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ,අපරාධ අංශයේ ස්ථානාධිපති යු ඩි යු සිරිමෙවන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.