නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, කථානායකවරයා සභාපතිවරයා ලෙසද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කෙට තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගරු ඩග්ලස් දේවානන්දා, ගරු මහින්ද අමරවීර, ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, කංචන විජේසේකර, නසීර් අහමඩ්, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, වජිර අබේවර්ධන, සී. බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන මහතා, නීතිඥ නාමල් රාජපක්ෂ, නීතිඥ සාගර කාරියවසම් යන මහත්ම මහත්මීන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට තිබේ.