පාර්ලිමේන්තුව යළිත් මැයි 17 දා කැඳවීමට නියමිතව තිබේ. අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා මේ බව පක්ෂ නායකයන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
පවත්නා අර්බුදකාරී තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව ඉතා ඉක්මනින් කැඳවිය යුතු බවට බොහෝ පරිසක් මත පළ කර තිබේ.
කෙසේ වෙතත් මීට පෙර පාර්ලිමේන්තුව රැස්වූ අවසන් අවස්ථාවේදි පාර්ලිමේන්තුව නැවත රැස්වීමේ දිනය ලෙස ප්රකාශ කළේද එළැඹෙන 17 දායි.