මේ වන විට වාරාවසාන කර ඇති පාර්ලිමේන්තු සැසිවාරය යළිත් ආරම්භ කිරීමේ උත්සවය සරලව හා චාම් අයුරින් සංවිධානය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී ආචාර වෙඩිමුර සහ හමුදා උත්තමාචාර කිසිවක් නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව මෙම ක්රියාමාර්ග ගැනෙයි.
පාර්ලිමේන්තුව නැවත ආරම්භ කිරීමේදී රථ පෙළපාලි සහ අශ්වාරෝහක පෙළපාළිද නොපැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තු සැසිවාරය යළිත් පෙබරවරි 8 දා ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
ඒහිදී රජයේ ප්රතිපත්ති ප්රකාශනයද ජනපතිවරයා රටට ඉදිරිපත් කරනු ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (3) පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව 8 වැනිදා විවෘත කිරීමෙන් පසු රැස්වීම් පැවැත්වෙන ආකාරය සහ විවාදයට ගන්නා යෝජනා සම්බන්ධයෙන් මෙහිදී තීරණය කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.