පාර්ලිමේන්තු ප්රවේශ මාර්ගයේදී පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහය ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් කරමින් සිටි 12දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම උද්ඝෝෂකයින් "විශ්වාසභංගයට සහාය ලබාදෙන්න" යනුවෙන් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් පාර්ලිමේන්තු ප්රවේශ මාර්ගයේ එම උද්ඝෝෂණයේ නියැලී තිබේ.
අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් එම උද්ඝෝෂකයින්ගෙන් කිහිපදෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවක දී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණි.