පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්වුවත් සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් නෑ
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවති “2023/ 2024 ජාතික නීතිඥ සමුළුව අමතමිනි.
නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි පිහිටුවීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදී ඇති බව නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බවද සඳහන් කළේය.
මීට මාස දහයකට පෙර රට දැඩි ආර්ථිකය අභියෝගයට ලක් වූ අතර එය ඉතිහාසයේ කිසිදා නොතිබූ තත්ත්වයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය සමනය කර ගැනීමට තමා ඇතුළු කණ්ඩායමට කටයුතු කළ බවත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය .
ජාතික නීති සමුළුව මඟින් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ එහි වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන පළමු අවස්ථාව මෙයයි. ඒ සඳහා නුවරඑළිය සහ මෙම ස්ථානය තෝරා ගැනීම සුදුසු බව මම විශ්වාස කරනවා. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාට නුවරඑළියේ නිවසක් තිබූණා. බාන්ස් ආණ්ඩුකාරවරයා කියන්නෙ කෝපි වගාව සහ අපගේ වැවිලි ආර්ථිකයේ ආරම්භය ප්‍රවර්ධනය කළ තැනැත්තායි.
අප අද මෙහි හමුවන්නේ අපේ රට අසාර්ථක රාජ්‍යයක් බවට පත් විය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබි ගෙවී ගිය මාස 10 – 11 කට පමණ පසුවයි. නමුත් මේ මොහොත වන විට අපි රට තුළ නීතිය හා සාමය, දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කර තිබෙනවා.මේ ස්ථාවරභාවය කෙටිකාලීන දෙයක් පමණක් බව අපට වැටහෙනවා. එබැවින් මෙම අභියෝගය ජය ගැනීමට අප තව බොහෝ දුර යා යුතුව තිබෙනවා .
මීට මාස දහයකට පෙර මේ රටේ සමස්ථ ආර්ථියකම දැඩි අභියෝගයකට ලක් වුණා. එවැනි තත්ත්වයක් මිට පෙර රට තුළ ඇති වී තිබුණේ නැහැ.
නීතිය හා සාමය ,දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථීක ස්ථාවරත්වය යළි රට තුළ ඇති කිරීමට අප ඉකුත් මාස 10 තුළ කැපවී කටයුතු කළ ද ඉන් අදහස් වන්නේ අප ආර්ථික අර්බුදයෙන් මුළුමනින් මිදී ඇති බව නොවෙයි.
තවමත් අපේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී තිබෙනවා.පාර්ලිමේන්තුව වේවා, අධිකරණය වේවා, ජනමාධ්‍ය වේවා, පෞද්ගලික අංශයේ පිහිටුවා ගත් වෘත්තීය සමිති වේවා, වෘත්තීකයන් වේවා, අපේ රටේ අති බහුතරයක් ජනතාව සහ රාජ්‍ය පාලකයන් අතර සමස්ත පද්ධතිය පිළිබඳ විශ්වාසයක් නැහැ.
මෙහිදී අදහස් දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා,
පසුගිය වසර කිහිපය තුළ අභියෝග රැසක් මධ්‍යයේ වුවද නීතීඥ සංගමය සාමාජිකයන් එක්රැස් කර විවිධ තේමා යටතේ සම්මන්ත්රණ පැවැත්වුණා.
2022 වසරේ එහි තේමාව වූයේ නීති වෘත්තියේ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිනිර්මාණය කිරීම සහ අනුගත වීමයි. ඉන් පසුව මේ වසර මුලදී අර්බුදයක් හරහා ගමන් කිරීමේ – නීතියේ භූමිකාව තේමාව යටතේ අපි එකට එකතු වුණා.
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පෙර නොවූ විරූ දුෂ්කරතා, සහ අභියෝගවලට අප සියලුදෙනාට මුහුණදීමට සිදු වුණා. නමුත් මෙම තත්ත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට සහ ඉදිරියට යාමට හැකි සෑම උත්සාහයක්ම ගැනීම අප සියලුදෙනාගේ වගකීම කියා අප විශ්වාසය කරනවා .
නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා
සාම්ප්‍රදායිකව ජාතික නීති සම්මේලනය කැපවී සිටින්නේ නීති වෘත්තියට අදාළව එදිනෙදා මතුවන මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ය. කෙසේ වෙතත්, මෙවර ජාතික නීති සමුළුව 2023/2024 වෙනස් ප්‍රවේශයක් ගෙන තිබෙනවා. රටේ ජාතික අවශ්‍යතා සහ යහපත් අනාගතයක් සඳහා නීති ප්‍රජාවේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අපි මෙවර සමුළුව වෙන්කර තියෙනවා .
මෙම ප්රයත්නයේදී අපි පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධ වී සිටිනවා. අන් කවරදාටත් වඩා දේශපාලනික සහ ආර්ථික අභියෝගයකට අපේ රට මුහුණ දී සිටින බව නොරහක්. එබැවින් අත්‍යවශ්‍ය නීති පද්ධතියක් සහ ස්වාධීන අධිකරණයක් රට තුළ තිබීම අත්‍යාවශ්‍ය යි.
නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම සහ රට අපේක්ෂිත දිශාවට ගෙනයාම සඳහා දූරදර්ශී, විනයගරුක ප්රජාතන්ත්රවාදයට ගරු කරන සහ අපේ රටේ පුරවැසියාගේ අයිතිවාසිකම් මෙන්ම රටේ ආරක්ෂාව සහතික කරන නායකත්වයක් අත්‍යවශ්‍ය යි.
අපගේ වෘත්තීය ඉතිහාසයේ ප්‍රථම වතාවට, නීති ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණය කළ යුතු හෝ සංශෝධනය කළ යුතු අංශ පිළිබඳව සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීමට, අපි ජාතික නීති සමුළුව වෙන් කර තිබෙනවා .
රටේ දිගුකාලීන සංවර්ධනය සහතික කරන මෙන්ම ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක සිට සංවර්ධිත රටක් කරා ගෙන යන නීති අපගේ නීති පද්ධතියට හඳුන්වා දීමට හා ඒ සඳහා නීති සම්පාදකයන්ට බලපෑම් කිරීමට අවශ්‍ය සහය සහ දැනුවත් කිරීම මෙම සමුළුව මඟින් ලබා දීම අපේ අරමුණයි.
ජාතික නීතිඥ සම්මේලනයේ සභාපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා
අද ජාතියක් ලෙස අප සිටින්නේ අර්බුදකාරී කාල වකවානුවකයි. මෙය හුදු නීතීඥ ප්‍රජාව එකමුතු කරන සම්මන්ත්රණවලින් එකක් නොවෙයි. ප්‍රතිපත්ති සම්පාදකයින්, නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදයක ආරම්භයක් ලෙස මෙම සමුළුව පැවැත්වීමට අපි තීරණය කළේ රට සහ ආර්ථිකය ගොඩ ගැනීම සඳහායි.
අප ජාතියක් ලෙස දියුණු වීමට නම් නීති අංශ ව්‍යවසායකත්වයේ වැදගත්කම හඳුනා ගැනීම වැදගත්. ඒ වගේම ව්‍යවසාය සහ ව්‍යවසායකයින් නීතියේ ආධිපත්‍යය ද පිළිගත යුතුයි.
මේ සම්බන්ධයෙන් කල්පවත්නා විසඳුම් සෙවීමේදී දේශපාලන නායකත්වය ද ඊට සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්. එවිට මේ සම්මේලනයේ සාර්ථක ප්‍රතිපල අපට ලබා ගත හැකි වෙනවා.

popular news
-
sg Sunday, 04 June 2023 12:19 PM
Really. Mr president you have done a great job. Look like no one trying to change their power-greedy mentality. All of them still seeking power and positions. The country has become a boil while others trying to catch up with power. I think, the people of this country well know about the lying actions and statements of the politicians. Anyway, you have enough capacity to uphold this collapsed country. Whatever do to others, you should do the correct things for the country. Time will give a good answer for all who those acting blindly today.
Reply : 0 0
Demuni Uduwara Sunday, 04 June 2023 10:22 PM
Ranil, where do you live ? Don't utter lies !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

