ගෝඨාභය රජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉල්ලා අස්විමෙන් අනතුරුව ඉදිරියේදී ගන්නා ක්රියාමාර්ග වශයෙන් පාර්ලිමේන්තුව අද (16දා) රැස්විය.
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අතර රැස්වීම විනාඩි 13කට සීමාවිය. පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් ජනපතිවරයාගේ ඉල්ලා අස්විම ප්රකාශයට පත්කළේය.
ඒසේම නව ජනපතිවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් නාම යෝජනා භාර ගන්නා බවද ප්රකාශයට පත් කෙරිණි. ඉන් අනතුරුව ලබන 19 දා තෙක් පාර්ලිමේන්තුව කල් තැබිණි.