පාර්ලිමේන්තු මන්ත්රීධුරයෙන් ඉවත්ව කොළඹ පුරපති සටන වෙනුවෙන් ඉදිරිපත් වූ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතාට මන්ත්රීධුරයෙන් ඉවත් නොවන ලෙස තමන් පණිවිඩයක් දුන් බව ජනපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
" මම මුජිබර් රහුමාන් මන්ත්රීතුමාට පණිවිඩයක් දුන්නා ඔබතුමා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න එපා ඔබතුමාව බිල්ලට දෙයි කියලා. එතුමාව පාර්ලමේන්තුවට ගෙනාවේ මම. මම බැලුවේ එතුමාව කොහොම හරි පාර්ලිමේන්තුවේ තියාගන්න"