ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය මේ වන විට ජනපතිවරයාට ලැබී ඇති බවත් ඒ අනුව පාර්ලිමේන්තුවද දැන් රූකඩයක් බවට පත්ව ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි විජිත හේරත් මහතා පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවැසුවේ. මේ වන විට පළාත් සභා ක්රියාත්මක නොවන බවත් පළාත් පාලන අයතනද ඉදිරියේදි විසුරුවා හැරෙන බවත් ඔහු ප්රකාශ කළේය.
පළාත් පාලන ඡන්දය කල් දැමීම හේතුවෙන් අනාගතයේදි වාසියක් ලැබෙනු ඇතැයි ආණ්ඩුව සිතන්නේ නම් එයද හිතලුවක් බව මන්ත්රීවරයා ප්රකාශ කළේය.