තඹලගමුව පොලිස් වසමේ ත්රීකුණාමලය අඹේපුස්ස මාර්ගයේ පාලම්පටාර් පාලම ආසන්නයේදී ඊයේ (20දා) ත්රීකුණාමලය දෙස සිට කන්තලේ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයා ධාවනය වෙමින් තිබූ බස් රථයේ පාපුවරුවෙන් ඇද වැටී තුවාල ලබා තඹලගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 44 ක් වූ ත්රීකුණාමලය ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය තඹලගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. තඹලගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.