පාපුවරුවේ ගමන් කල මගියෙකුට උඩට එන්න කියූ කොන්දොස්තරවරයාට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා තෙක් පානදුර- වේරගම ශ්‍රීලංගම බස් රථ රියදුරන් සහ කොන්දොස්තර වරුන් අද (03දා) ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මගින් විශාල පිරිසක් අපහසුතාවයකට පත්ව සිටියහ.
ඊයේ (02දා) පස්වරුවේ පානදුර සිට වේරගම දක්වා ගමන් ගත් බස් රථයේ කොන්දොස්තරවරයාට මහ වාද්දුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් පහරදීම සම්බන්ධයෙන් වර්ජනය ආරම්භ කර ඇතැයි සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් කල විමසුමකදී පානදුර ඩිපෝවේ ස්ථානභාර නිලධාරි ධම්මික පනන්වෙල මහතා සඳහන් කළේ මෙවැන්නකි.
පා පුවරුවෙන් උඩට එන්න කිව්වා කියලා අපේ කොන්දොස්තර වරයාට පුද්ගලයෙක් පහර දීලා. පහර කෑ කොන්දොස්තරවරයා වාද්දුව පොලිසියට පැමිණිලි කර වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.නමුත් මේ වන තෙක් පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැහැ. මේ තත්ත්වය රියදුරන් සහ කොන්දොස්තරවරුන් ගේ ආරක්ෂාවට තර්ජනයක් යැයි පැවසීය.
පානදුර සුමිත් පොතුපිටිය