බොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17දා) උදෑසන පාපැදියද සමග හදිසියේ ඇදවැටී මිය ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව අබේරත්න මාවත පදිංචි වයස අවුරුදු (49) ක්ද වන පෞද්ගලික බැංකුවක විධායක නිලධාරිවරයෙක් බවට හදුනාගනු ලැබිණැයිද පොලීසිය කියයි .
මෙම මරණය පාපැදි පදින අතර ඇතිවූ හදිසි හෘදයාබාධයක් විය හැකි බවට පොලීසිය සැකකරයි. වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත ශරීරය දකුණු කොළඹ ශීක්ෂණ රෝහල මෘත ශරීරාගාරය වෙත යවනු ලැබිණැයිද පොලීසිය පැවසීය.
දෙහිවල එච්.එම්. ධර්මපාල