ආඝාතය සහ හෘදයාබාධයක් හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වූ බව වතිකානුව නිල වශයෙන් නිවේදනය කළේය.
පාප් වහන්සේ ආඝාතයක් සහ ආපසු හැරවිය නොහැකි හෘදයාබාධයකින් හේතුවෙන් ස්වර්ගසත් වූ බව වතිකානු වෛද්‍ය ඇන්ඩ්‍රියා ආකැන්ජෙලි සඳුදා නිකුත් කළ මරණ සහතිකයේ සඳහන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
වතිකානුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සහතිකයේ සඳහන් වූයේ සඳුදා අලුයම පාප් වහන්සේ ස්වර්ගසත් වීමට පෙර කෝමා තත්ත්වයට පත්ව ඇති බවයි.