තිරිගු පිටි මිල ඉහළ යාම නිසා පාන් ගෙඩියක (ග්‍රෑම් 450) මිල අද(12දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව පාන් රාත්තලක නව මිල රුපියල් 190 ත් 210 ත් අතර වන බව එම සංගමය සඳහන් කරයි.