පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රු . 10කින් ඉහළට
ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක් ඇතුළු සියලුම බේකරි වල නිෂ්පාදනය කෙරෙන කෙටි කෑම වල මිළ රුපියල් 10.00 කින් 03/24 දින අලුයම 12.00 පැයේ සිට ඉහළ නැංවීමට සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කළ බව එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසූවේ රද්දොළුගම , සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ මූලස්ථානයේ 03/23 දින පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයවර්ධන මහතා , මින් පෙර කිසිදු අවස්ථාවක පිටි මිළ ඉහළ ගියහොත් හැර පාන් ඇතුළු කෙටි කෑම මිළ ඉහළ දැමීමක් සිදු නොකළ බවත් , දැනට පවතින වාතාවරණය හමුවේ ඉන්ධන මිළ පමණක් නොව තම නිෂ්පාදන සදහා භාවිතා කරන අමුද්‍රව්‍ය වල මිළ ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ද පැවසීය .
එසේම රට පුරා ඇති බේකරි වලින් 30% ක් තම නිෂ්පාදන කටයුතු ඩීසල් මගින් බලගැන්වෙන උදුන් මගින් සිදු කෙරෙන බව ද අනාවරණය කළේය .
ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් මෙතෙක් අලෙවි කළ රුපියල් 120.00 සංශෝධනය වී රුපියල් 130.00 දක්වා ඉහළ යනු ඇති බව ද අනෙකුත් කෙටි කෑම වල මිළ ගනන් ද , දැනට පවතින මිළට රුපියල් 10.00 එකතු කර අලෙවි කරන බව ද එන්.කේ.ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

