පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 10 ඇතුළු සැකකරුවන් 41 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
මෙම වැටලීම ඊයේ රාත්‍රියේ සිදුකර තිබේ. ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ඇතුළු පොලිස් කණ්ඩායම හොරේතුඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැත්වූ සාදය වටලා ගංජා, කුස් මත්ද්‍රව්‍ය, මත්පැන් සහ මත්වන බවට සැක ලොලිපොප් තොගයක් සමග සැකකරුවන් පොලිස් භාරයට ගෙන තිබේ.
හෝටලයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳද අත්අඩංගුවට පත්වූවන් අතරවන බවද සදහන් වේ. වැටලීම සිදුකරන අවස්ථාවේ තරුණ කාන්තාවන් ඇතුළු බොහෝ පිරිසක් මත්ව සිට ඇති බව පොලිසිය කීය.
තරුණයින් දෙදෙනෙකු විසින් මත්ව සිටී කාන්තාවක කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමක් සිදුව ඇති බවට හෙළිව ඇති බවත් පොලිසිය කීය.
සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ වයසේ පසුවන අයවලුන් බව පොලිසිය කීය. පිරිසක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් , අනෙක් සැකකරුවන් දෙමාපියන් ගෙන්වා භාරදීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
පානදුර සුමිත් පොතුපිටිය, පානදුර සමන් කාරියවසම් සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ