යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් අද (02) උදෑසන පානදුර වලාන ගැමුණු මාවත ප්‍රදේශයේදි වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ වීම හේතුවෙන් පලාගොස් ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
සම්පූර්ණ මුහුණ ආවරණය කරගත් දෙදෙනකු පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් කුඩා ප්‍රමාණයේ ගිනි අව්යකින් තුන් වරක් වෙඩිතැබීමට උත්සාහ කර ඇති අතර, ගිනි අවිය පත්වී නොමැති බවද පොලිසිය කියයි.
පානදුර ප්‍රදේශයේ ක්‍රියාත්මක මක්කුඩු ජාවාරමක දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙය සිදු කර ඇති බවත්, පසුගිය සතියක කාලයක් තුලදී වෙඩිතැබීම් සිද්ධි තුනක් වාර්තා වී ඇති බවත් පොලිසිය පවසයි.
පානදුර අපරධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින්ද පරීක්ෂණ සිදුකරන ලදී. පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්
