පානදුර ශ්රී සුමංගල බාලිකා විදුහලේ සංගීත කාමරය කඩා රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් සංගීත භාණ්ඩ සොරකම් කල පුද්ගලයෙකු ඊයේ (05දා) රාත්රි අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පෙරදින රාත්රි සංගීත කාමරයේ පිටුපස ජනේලය කඩා සංගීත භාණ්ඩ රැසක් සොරකම් කර ඇති බවට සංගීත භාර ගුරුතුමිය විසින් කල පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකරුගෙන් කරන ලද දීර්ඝ ප්රශ්න කිරීම් වලදී ගැට බෙරයක්, පහතරට බෙරයක්, ඕගනයක්, සර්පිනාවක්, තබ්ලාවක් , ගිටාරයක්, වයලීනයක්, ඩ්රම් එකක් සහ ඩීවීඩී ප්ලේයරයක් ඇතුළු උපකරණ රැසක් අසල කැලයක සගවා තිබියදී සොයාගත් බවද පොලිසිය පැවසීය.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ විදුහල පිටුපස පදිංචි (34) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
සැකකරු පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය
