මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන පානදුර සලිදු නැමැත්තා ගේ මත්කුඩු ජාවාරමේ ප්‍රවාහන කටයුතු කේතුමතී කාන්තා රෝහලට අයත් ගිලන් රථයකින් සිදුකිරීම සම්බන්ධයෙන් එම රෝහලේ ගිලන්රථ සහායකයෙක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සැකකාර ගිලන්රථ සහායකයාට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහාය දැක්වීම වෙනුවෙන් වරින් වර මුදල් ලබාදී ඇතැයිද අනාවරණය වූ බව මෙහිදි අනාවරණය වී ඇත.
පසුගිය මස 27 වැනි දින පරීක්ෂණ කටයුත්තක් සඳහා ගැබිනි කාන්තාවක් රැගෙන කේතුමතී කාන්තා රෝහලේ සිට පානදුර මූලික රෝහල කරා පැමිණි අවස්ථාවේදී යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් දෙදෙනකු ගිනි අවි රැගෙන බැස එක් අයකු ගිලන් රථ රියදුරා අසලට පැමිණ වෙඩි තැබූවද ගිනි අවිය අක්‍රීය වීම හේතුවෙන් වෙඩි ප්‍රහාරය එල්ල නොවිණි.
එකී සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ගිලන් රථ රියදුරා පානදුර සලිදු නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන චරිතයක් වී පොලිසියට ඔත්තු ලබා දීම මෙම වෙඩි ප්‍රහාරයට හේතු වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස පැමිණිලිකාර ගිලන් රථ රියදුරා ඉකුත් තුන්වැනි දින කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන දින 7 ක කාලයක් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර ගිලන් රථ සහායකයා අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන සැකකාර ගිලන්රථ රියදුරු පානදුර සලිදු නැමැත්තා ගේ හොරයින් මත්කුඩු ජාවාරම වසර දෙකක පමණ කාලයක සිට සිදුකර ඇති බවත් මීට අමතරව තණමල්විල සිට ගංජා ද ප්‍රවාහනය කර ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් ගිලන්රථ සහායකයාට අමතරව තවත් සුළු සේවකයන් කිහිපදෙනකු මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රවාහන කටයුතු සඳහා සම්බන්ධ වී ඇති බවට පැහැදිලි තොරතුරු ලැබෙමින් පවතින බවත් එම පුද්ගලයන් ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරණ බව පොලීසිය සඳහන් කරයි.
සැකකාර ගිලන්රථ සහායකයා පානදුර අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.