දකුණේ පාතාල නායකයකු වන දැනට විදෙස්ගතව සිටින අහුන්ගල්ලේ බබාගේ නමැත්තා විසින් අහුන්ගල්ල කටුවිල පදේශයේ අලුතින් ඉදිකරනු ලබන දෙමහල් නිවස කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් විසින් අද (18) අලුයම ගිනි තැබීමක් සිදු කොට ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි.
ගිනි තැබීමෙන් එම නිවසේ මුලුතැන් ගෙට හානි සිදුව ඇති බවත් ගින්න මුලු නිවසටම පැතිරී ගොස් නැති බවද පොලීසිය කියයි. ගිනි තැබීමෙන් නිවසට දැඩි අලාභහානි සිදුව නැති බවද පොලීසිය කියයි.
මනුෂය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අහුන්ගල්ලේ බබාට චෝදනා රැසක් එල්ලවී තිබෙන බවත් මේ නිසා ඔහුට විරුද්ධවාදී කණ්ඩායම් කිහිපයක්ම සිටින නිසා මේ ගිනි තැබීම එම කණ්ඩායමක වැඩක් විය හැකි බවට පොලීසිය සැකකරයි.
ගිනි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති බවද පොලීසිය කියයි. අහුන්ගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


